ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

දකුණු අප්‍රිකාවේ පැවති පන්දුවාර 20 සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (09) අලුයම දිවයිනට පැමිණියා.

මාස දෙකක ක්‍රිකට් තරග සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි මෙලෙස කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබුණේ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කියා සිටියේ මෙම තරගාවලි ජයග්‍රහණය කිරීම සදහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන් බවයි.

එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමග තරගාවලියකටද, ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියකට එක්වීමට නියමිත බව ඇය ප්‍රකාශ කළා.

එමෙන්ම තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුදීම පිළිබඳ තීරණයක් මෙතෙක් නොමැති බව පැවසූ චමරි අතපත්තු එළඹෙන ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලිය සඳහා හොඳින් සූදානම්ව ජයග්‍රහණය කිරීමට සිය අපේක්ෂාව බවද ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *