ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ කිලෝමීටර් දහය මුහුදු පිහිනුම් තරඟය අද පෝර්ට් සිටි පරිශ්‍රයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ කිලෝමීටර් දහය මුහුදු පිහිනුම් තරඟය අද පෝර්ට් සිටි පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙම කිලෝමීටර් 10 මුහුදු පිහිනුම් තරග මීට ප්‍රථම දිවයිනේ විවිධ මුහුදු ප්‍රදේශවල සංවිධානය කර තිබූ නමුත් මෙම වසරේ සිට පෝර්ට් සිටි පරිශ්‍රයේ වාර්ෂිකව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. මෙම පරිශ්‍රයේ ප්‍රථම වතාවට පැවැති මෙම තරඟය සඳහා ක්‍රීඩකයින් විසි දෙදෙනෙකු සහ ක්‍රීඩිකාවන් පස්දෙනකු සහභාගි වී සිටියා. එහිදී පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ජල ක්‍රීඩා සමාජයේ RMDC ධර්මසිරි සමත් වුණා. එම අංශයේ දෙවන ස්ථානය නාවික හමුදා ජල ක්‍රීඩා සමාජයේ ජී එස් එන් පෙරේරා විසින් දිනාගනු ලැබුවා. තෙවන ස්ථානය යුද හමුදා ජල ක්‍රීඩා සමාජයේ RBD නිරෝෂණ විසින් දිනාගනු ලැබුවා.
කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ජල ක්‍රීඩා සමාජයේ NHA ද සිල්වා සමත් වුණා. එම අංශයේ දෙවන ස්ථානය colombo swimming academy හි සෙනේශි හේරත් විසින් දිනා ගනු ලැබුවා. තෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා ජල ක්‍රීඩා සමාජයේ එච් එම් පී පී ශාන්ති විසින් දිනාගනු ලැබුවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ලේකම් මහින්ද ලියනගේ මහතා ඇතුළු නිලධාරින්ද එක්ව සිටියා.

What's your reaction?

Related Posts

1 of 646

Leave A Reply

Your email address will not be published. Required fields are marked *