ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය සහ කොළඹ ධර්මශක්ති පදනම හා එක්ව සිදු කරනු ලබන තෛපොංගල් දින සැමරුම සහ තෛපොංගල් දිනයෙහි වැදගත්කම පිළිබඳ අන්තර් ආගමික සංවාදයක් කොළඹ 11 ,ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිලේ , කල්‍යාණ මුරුගන් මහල් ශාලාවේ දී 2025 ජනවාරි මස 15 වන දින සිදු විය.පූජාව මෙහෙයවනු ලැබුවේ ශිව ශ්‍රී ශිව දර්ශන ෂර්මා කුරුක්කල්තුමා විසිනි.
එහිදී ජීවිතය ස්වභාවධර්මය සමග ඇති සබැඳියාවට කෘතගුණ දැක්වීමේ අවස්ථාවක් ලෙස පවත්වනු ලබන මෙකී උත්සවය සඳහා අමරපුර මහා නිකායේ මහානායක පූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජී තිස්ස මහානාහිමි,ධර්මශක්ති පදනමේ මහලේකම් අනුර පෙරේරා පියතුමා, ධර්මශක්ති සංවිධානයේ භාණ්ඩාගාරික අෂ් ෂෙයික් ඒ.එන්.එම්. ෆිර්දව්ස් (මන්බඊ ) මවුලවිතුමා , ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා ඇතුලු මහා සංඝරත්නයේ හා මෙහෙනින් වහන්සේලාගෙත් හින්දු, ඉස්ලාම් හා කිතුනු පූජක තුමන්ලාගේ හා තුමියණ්ගෙ හා සියලු ආගමික ගිහි නායක නායිකාවන්ගෙ පූර්ණ දායකත්වයෙන් පවත්වන ලදි. එක් එක් ආගම්වල චාරිත්රවාරිත්ර හා විශ්වාස තේරූම් ගනිමින් මතුපිට අන්තර් ආගමික සහජීවනයට වඩා ගැඹුරු අන්තර් ආගමික සහජීවනයකට හා ශක්තිමත් සම්බන්ධතාවයකට දායකත්වයක් දෙමින් මෙය පවත්වන ලදී.