ශ්‍රී ලංකා තැපෑලට රුපියල් බිලියන 13 ඉක්මවූ දැවැන්ත පිම්මක්!

වසර ගණනාවක එකතැන පල්වීම අවසන් කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව 2025 වසරේදී භාණ්ඩාගාරය ලබා දුන් ඉලක්කද අභිබවා යමින් රුපියල් බිලියන 13.1 ක ආදායමක් උපයා ගනිමින් සුවිශේෂී පුනර්ජීවනයක් අත්කරගෙන තිබේ. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසන්නේ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකළ පුළුල් ප්‍රතිසංස්කරණ, නව බඳවා ගැනීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය මෙම ජයග්‍රහණයට මූලික වූ බවයි. විශේෂයෙන්ම 2020 වසරෙන් පසු ප්‍රථම වරට උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378 දෙනෙකු ස්ථිර කිරීම, තැපැල් සහායකයින් 1,000 කගේ සේවය නිත්‍යානුකූල කිරීම සහ වසර ගණනාවකට පසු රියදුරු ඇතුළු නව සේවකයින් විශාල පිරිසක් බඳවා ගැනීම හරහා සේවක මණ්ඩලය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත.​මෙම නවීකරණ වැඩපිළිවෙළ යටතේ මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය සඳහා පරිගණක, ටැබ්ලට් යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර දහස් ගණනක් දෙපාර්තමේන්තුවට එක් කර තිබේ. ප්‍රවාහන අංශය නවීකරණය කරමින් නව ලොරි රථ, කැබ් රථ සහ විදේශීය ආධාර යටතේ ලැබෙන විද්‍යුත් ත්‍රිරෝද රථ හා යතුරුපැදි රැසක් ධාවනයට එක් කිරීමට නියමිතය. මීට අමතරව, රුපියල් මිලියන 600 ක ආයෝජනයකින් දඹුල්ල සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසක නව තැපැල් ගොඩනැගිලි ඉදිවන අතර, බලශක්ති පිරිවැය අවම කරගැනීම සඳහා ප්‍රධාන තැපැල් මධ්‍යස්ථාන සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක කිරීමටද කටයුතු කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟපෙන්වීම යටතේ තවත් නිලධාරීන් 600 දෙනෙකු ලබන පෙබරවාරි මාසයේදී සේවයට එක් කර ගැනීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 937

Leave A Reply

Your email address will not be published. Required fields are marked *