ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත නොවෙනස්ව පවතියි

පවතින ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරමින්, මෙරට ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාත දැනට පවතින මට්ටමින්ම පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ඒ අනුව, ඊයේ (24) රැස්වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 7.75 ක මට්ටමේම නොවෙනස්ව තබා ගැනීමට පියවර ගෙන තිබේ. මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ වුවද, දේශීය මූල්‍ය වෙළෙඳපොළේ සමතුලිතතාව ආරක්ෂා කර ගැනීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණක් වී ඇත.​පසුගිය කාලසීමාව තුළ ලෝක දේශපාලනික හා ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවූ විවිධ වෙනස්කම් හමුවේ පවත්වන ලද පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය මෙය වීම විශේෂත්වයකි. විශේෂයෙන්ම ගෝලීය වශයෙන් මතුව ඇති අභියෝග මධ්‍යයේ මෙරට උද්ධමනය පාලනය කරමින් ආර්ථිකය නිවැරදි මාවතකට යොමු කිරීම සඳහා පවතින මූල්‍ය පියවරයන් ප්‍රමාණවත් බව මහ බැංකුවේ තක්සේරුව වී තිබේ. ඉදිරි කාලසීමාව තුළ මෙරට ආර්ථික වර්ධනය සඳහා මෙම ස්ථාවර පොලී අනුපාත පවත්වා ගැනීම ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,064

Leave A Reply

Your email address will not be published. Required fields are marked *