ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව විසින් ජාත්‍යන්තර කාන්තා දින විශේෂ සැමරුම් වැඩසටහනක් පැවැත්වූවා ..

සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා අයිතිවාසිකම්, සමානාත්මතාවය, සවිබල ගැන්වීම තේමාව කරගනිමුනුයි මෙම වැඩසටහන පැවැත්වුණේ.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති මෙම කාන්තා දින සැමරුමට
ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වුණේ ජනාධිපති කවුන්සලේ පර්ෂානා ජමීල් මහත්මියයි…

මානව හිමිකම් කොම්ෂන් සභාවේ සභාපති I T B දෙහිදෙනිය මහතා මෙහිදී අදහස් දක්වමින්….

කාන්තාවන් වෘත්තීයමය කටයුතුවලදී බාධාවන්ට මුහුණ දෙන බවත්..
කාන්තාවන්ට නිසි අවධානයක් යොමු නොවීම ඔවුන් අපහසුතාවයට පත්වීමට කරුණු බලපාන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා මෙහිදී පැවසුවා..

කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, ජාතික කාන්තා කොමිසමක් පිහිටවීම ,කාන්තා අයිතිවාසිකම් සුරැකීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ කරුණු සලකා බැලිය යුතු බව මෙහිදී කියා සිටියා..

ප්‍රධාන ආරාධිතාල ලෙස එක් වූ ෆර්ෂානා ජමිල් මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කාන්තාවන් සහ ගැහැණු ළමුන් වෙනුවෙන් පවතින ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මෙහිදී අදහස් පල කලා..

කාන්තාවන් සහ ගැහැණු ළමුන් වෙනුවෙන් බලපාන වර්තමාන තත්ත්වය සහ අනාගතයේදී ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳ වටමේස සාකච්ඡාවක්ද මෙහිදී පවත්වනුු ලැබුවා..

කාන්තා සංවිධානය නියෝජිතවරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා..

What's your reaction?

Related Posts

1 of 669

Leave A Reply

Your email address will not be published. Required fields are marked *