ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට තවත් සුපිරි ජයක්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්’ තරඟාවලියේ ඊයේ (28) පැවති තරඟයෙන් විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

වදෝදරාහි BCA ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාව කඩුලු 3කින් පරාජය කිරීමට සමත් විය.

මෙහිදී ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 218ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී තරඟයේ අවසන් පන්දුවාරයේදී (19.2) ලකුණු 222ක් රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ තමන් සතු කර ගත්තේය.

රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ උපුල් තරංග අගනා ලකුණු 102ක් රැස්කළ අතර පන්දු 54කින් ගොඩනැගුණු තරංගගේ අනුකම්පා විරහිත ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 8ක් ඇතුළත් විය.

ඊට අමතරව ළහිරු තිරිමාන්නද ලකුණු 54කින් දායක වූ අතර මෙම තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තෙවන තරඟය මෙය වේ. ඊයේ ලැබූ මෙම ජයත් සමඟ ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව මේ වනවිට තරඟ 2ක් ජයගෙන එක් තරඟයක් පරාජය වී සිටින අතර ඉදිරියේදී බටහිර ඉන්දීය. කොදෙව් හා එංගලන්ත කණ්ඩායම් සමඟින් ක්‍රීඩාකිරිමට නියමිතව ඇත.

මූලික වටයේ තරඟ අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

What's your reaction?

Related Posts

1 of 661

Leave A Reply

Your email address will not be published. Required fields are marked *