ශ්‍රී ලංකා රගර් සත් සාමාජික කණ්ඩායමට ඕස්ට්‍රේලියානු සොයුරියෝ දෙදෙනෙක්: ආසියානු රගර් දෙවැනි අදියර අද කොළඹින් ඇරඹේ

​අද (ඔක්තෝබර් 18) කොළඹ තුරඟ තරඟ පිටියේදී ආරම්භ වන ආසියානු රගර් සත් සාමාජික තරඟාවලියේ දෙවන අදියර සඳහා වේදිකාව සකසා ඇත. පිරිමි සහ කාන්තා අංශ දෙකෙන්ම පැවැත්වෙන මෙම තරඟාවලියේදී, ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන සොයුරියන් දෙදෙනෙකු දේශීය රසිකයන්ගේ අවධානය දිනාගැනීමට වැඩි ඉඩක් ඇත.​මෙම තරඟාවලියට සහභාගී වන රටවල් වන්නේ ජපානය, චීනය, හොංකොං චීනය, තායිලන්තය, කසකස්තානය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), මැලේසියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය සහ ඉන්දුනීසියාවයි. ශ්‍රී ලංකා කාන්තා සංචිතයට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින හිටපු එස්. තෝමස් විද්‍යාලයේ ප්ලේ-හාෆ් ක්‍රීඩක ගිමන්ථ ජයසිංහගේ දියණියන් වන සොයුරියන් දෙදෙනෙක් ඇතුළත් වෙති.​ශ්‍රී ලංකා පිරිමි සංචිතයට ගයාන් පෙරේරා, කවිඳු පෙරේරා, කලන චමුදිත, ආකාශ් මධුශංක, දිනාල් ඒකනායක, යේහාන් බුලත්සිංහලගේ, හේෂාන් ජාන්සන්, දිලුක්ෂා දංගෙදර, ජනිඳු දිල්ෂාන්, චතුර සෝය්සා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සුරංග තෙන්නකෝන්, දර්ශන දබරේ, මොහොමඩ් රිෆාන්, චෙමෝද් ප්‍රනාන්දු ඇතුළත් වේ.​ශ්‍රී ලංකා කාන්තා සංචිතය රන්දිකා කුමුදුමාලි, සංජු විජේතිලක, ශානිකා මධුමාලි, ජයන්ති කුමාරි, සරණි නයනතාරා, සන්ධිකා හේමකුමාරි, දිල්කි සත්සරණි, දිලිනි කාංචනා, චාරණි තේක්ෂණා, කාංචනා මහේන්ද්‍රන්, එල්. ජී. ජයසිංහ (ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියාව), එන්. එම්. ජයසිංහ (ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියාව), හේකාසිනි ක්‍රිෂ්ණකුමාර්, ගයානි, රන්දුනු, නිපුනි රසංජලී යන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වේ.

What's your reaction?

Related Posts

1 of 811

Leave A Reply

Your email address will not be published. Required fields are marked *