​ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාගත ආදායමක්: රුපියල් බිලියන 2,497ක ඉතිහාසගත ආදායමක්!

ශ්‍රී ලංකා රේගුව වසර තුළ රුපියල් බිලියන 2,497ක ඉතිහාසගත ඉහළම ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය. මුදල් අමාත්‍යාංශය විසින් 2025 වසර සඳහා මුලින් රුපියල් බිලියන 2,115ක ආදායම් ඉලක්කයක් නියම කර තිබූ අතර, නොවැම්බර් මාසය වන විට එම ඉලක්කය ඉක්මවා යාමට රේගුව සමත් විය. මේ හේතුවෙන් නොවැම්බර් මාසයේදී එම ඉලක්කය රුපියල් බිලියන 2,231 දක්වා ඉහළ නැංවුවද, මේ වන විට එම සංශෝධිත ඉලක්කය ද අබිබවා ගොස් තිබේ. පසුගිය වසරේ පැවති රුපියල් බිලියන 1,531ක ආදායම් ඉලක්කය මෙවර සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට වාහන ආනයනයට අවසර දීම ප්‍රධාන වශයෙන් බලපෑ බව හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙම වාර්තාගත ආදායම වාහන ආනයනය මතම පමණක් පදනම් වූවක් නොවන බවත්, රේගු ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ආයතනය තුළ ක්‍රියාත්මක කළ විවිධ ක්‍රමෝපායන් ද මෙයට ප්‍රබල ලෙස දායක වූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 917

Leave A Reply

Your email address will not be published. Required fields are marked *