ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුල එකතු කල ඉහලම ආදායම ඊයේ, එනම් 15/10/2025 දින, වාර්ථා කලේය. ඒ අනුව රුපියල් මිලියන 2470ක බදු මුදලක් එදින රැස් කරනු ලැබූ අතර මේ වසරේදී 2025/10/15 දිනට රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කර ඇත. 2025 වසරට රේගුවට ලබා දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,115ක මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවන බව ප්‍රකාශ කර ඇත.