ශ්‍රී ලාංකිකයන් රුසියානු හමුදාවට යැවු ඒජන්සියක හිමිකරුවෙකු සහ කළමනාකරු අත්අඩංගුවට

රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කළ නුගේගොඩ ස්ටෑන්ලි තිලකරත්න මාවතේ පිහිටා ඇති විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමණාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම අදාළ විදේශ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද තාවකාලිකව අත්හිටු වීමටයි පියවර ගෙන ඇත්තේ.

සංචාරක වීසා මගින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා යොමු කරන බව පවසමින් මෙම ආයතනය එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති නමුත් ඔවුන් රුසියානු යුක්‍රේන යුද පෙරමුණට යොමු කර ඇති බව සඳහන්.

මෙම විදේශ රැකියා නියෝජිතායතනය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 7 ලැබී ඇති අතර මේවන විට අනාවරණය වී ඇත්තේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කර ඇති බව

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *