ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරී වාර්ෂික ස්ථාන මාරුවීම් සදහා මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවයි

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

එම නිවේදනයට අනුව සියලු අයදුම්පත් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර, 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් සදහා අයදුම් කිරීමට සුදුසුකම් සපුරා ඇති සියලු වෛද්‍ය නිලධාරීන්ට  2025/03/13 දිනට ප්‍රථම අදාළ ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබද තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ https://hrmis.health.gov.lk/ms/ දරන නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බව ද, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

What's your reaction?

Related Posts

1 of 639

Leave A Reply

Your email address will not be published. Required fields are marked *