ශාසනයටත්,බෞද්ධ අධ්‍යාපනයටත් මහඟු මෙහෙවරක් ඉටු කළ අධ්‍යාපන විශාරද,කොළඹ සල්පිට කෝරළයේඋප ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ලබුතලේ සුදස්සන නාහිමියන් අපවත් උනා.

වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාමයේ විහාරාධිපති ලෙස වැඩසිටි උන්වහන්සේ මිය යන විට උන්වහන්සේ වයස අවුරුදු 75ක්..

පාසල් මෙන්ම ,දහම් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් කළ උන්වහන්සේ
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය,
සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලය,
මරදාන සංඝරාජ විද්‍යාලය
යන විදුහල්වල විදුහල්පති ධූරය දරා ඇත.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ගෞරව අධ්‍යාපනවේදී අධ්‍යාපන විශාරද ලබුතලේ සුදස්සන
නාහිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි..

උන්වහන්සේගේ දේහය මේ වන විට වැල්ලම්පිටිය විමලාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *