හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන පෙබරවාරි 3 වනදා පෙරවරු 9.30 ට ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ. මීට පෙර ජනවාරි 27 වනදා පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබුණද, එදින පැමිණීමට නොහැකි බව පවසමින් සිය නීතිඥවරයා මාර්ගයෙන් සති දෙකක සහනයක් ඉල්ලා සිටි බව වාර්තා වේ. කෙසේ වෙතත්, එම ඉල්ලීමට අදාළව කිසිදු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බැවින් පොලිසිය විසින් මෙම නව දැනුම්දීම සිදුකර ඇත.මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටද එදිනම (පෙබරවාරි 3) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබේ. මීට පෙර කැඳවූ අවස්ථාවේදී තමන් දිවයිනේ නොමැති බව පවසමින් ඔහු වෙනත් දිනයක් ඉල්ලා සිටි අතර, ඒ අනුව මෙම නව සිතාසිය නිකුත් කර ඇති බව සඳහන් වේ.


























