පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව 2025 දෙසැම්බර් 15 වන දින දක්වා දීර්ඝ කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, මූලිකව 2025 නොවැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා පමණක් පැවති අයදුම්පත් කැඳවීමේ කාලය, රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙලෙස දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.මෙම කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත්තේ, 2022, 2023 හෝ 2024 වර්ෂවලදී පළමු හෝ දෙවන වාරය ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටි සහ 2025 වර්ෂයේදී ද නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.මෙම පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සිසුන්ට මාර්ගගතව (online) අයදුම් කළ හැකිය. ඒ සඳහා www.studentloans.mohe.gov.lk වෙබ් අඩවියට පිවිසිය යුතු බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.


























