ශුද්ධොත්තම පියතුමන්ගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් අද මෙරට ජාතික ශෝක දිනයක්…

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් අද(26) මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එමස් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව අද(26) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කර තැබෙනු ඇත.

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය උත්සවය අද වතිකානයේ ශාන්ත පිතර චතුරශ්‍රයේ පැවැත්වේ.

කොළඹ අගරදගුරු අතිඋතුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතුළු කතෝලික පූජකවරුන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වීම සඳහා වතිකානයට ගොස් තිබේ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සභභාගි වන්නේ  විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතායි.

What's your reaction?

Related Posts

1 of 724

Leave A Reply

Your email address will not be published. Required fields are marked *