ශුද්ධෝත්තම පියතුමන්ගේ දේහයට මුද්‍ර තැබීම අද රාත්‍රියේ..

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති පෙට්ටිය අද රාත්‍රියේ චාරිත්‍රානූකූලව මුද්‍රා තැබීමට නියමිතයි.

වතිකාන වේලාවෙන් රාත්‍රී 8 ට පමණ එය සිදුවනු ඇති.  

ඒ, කාදිනල් කෙවීන් ෆැරල් හිමිපාණන්ගේ අධීක්ෂණයෙන් ය.

ස්වර්ගස්ථ පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන හෙට දිනය, ශ්‍රී ලංකාවේ ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 

වතිකාන වේලාවෙන් අදත් උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට බැතිමතුන්ට අවස්ථාව හිමි වඋ අතර දහස් සංඛ්‍යාත පිරිසක් වතිකානයේ සාන්ත පීතර චතුරස්‍රයට පැමිණ සිටී.

ඊයේ  බැතිමතුන් 90,000 ක් පමණ අවසන් ගෞරව දැක්වූ අතර, අදත්  පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ය.

උන්වහන්සේගේ අවසන් කටයුතු වතිකාන වේලාවෙන් හෙට උදෑසන 10.00 ට වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී සිදු කෙරෙයි.

එම දේව මෙහෙය මෙහෙයවන්නේ කාදිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ හිමිපාණන් ය.

ලොව නන් දෙසින් පැමිණි කාදිනල් හිමිවරුන්, කතෝලික සභාවේ ජ්‍යෙෂ්ඨ පූජකතුමන් සහ රටවල් රැසක රාජ්‍ය නායකයින් ඊට සහභාගී වීමට නියමිතයි.

පාප් වහන්සේගේ දේහය දෙවියන් වහන්සේට භාරදීමේ අවසන් යාච්ඤා මෙහෙයෙන් පසු භූමදානය සඳහා රෝමයේ සාන්ත මැජෝරි බැසිලිකා දේවස්ථානය වෙත රැගෙන යනු ඇති.

නොවෙම්ඩියාලිස් ලෙස හදුන්වන දින 09 ක ශෝක කාලය ඉන් පසු ආරම්භ වෙයි.

What's your reaction?

Related Posts

1 of 707

Leave A Reply

Your email address will not be published. Required fields are marked *