ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වීම පිළිබඳ ජනපති අනුරු ශෝකය පළ කරයි..

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්තවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.

X පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, ලාංකේය ජනතාව වෙනුවෙන් ශුද්ධෝත්තම වහන්සේගේ අභාවය පිළිබඳව සිය හෘදයාංගම ශෝකය පළ කරන බවයි.

සාමය, දයාඅනුකම්පාව සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔහුගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇතැයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ ඔහුගේ උරුමය ඉදිරි පරම්පරාවන් දිරිමත් කරනු ලැබේවායි, ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් සඳහන් කර තිබේ.

වතිකානයේදී පාප් වහන්සේ ස්වර්ගස්ථ වන විට වයස, අවුරුදු 88 කි.

පාස්කු ඉරිදා දේව මෙහෙයට ඊයේ (20) එක්වූ ශුද්ධෝත්තම හිමිපාණන් අවසන් වරට ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියේ, ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙසයි.

යුක්‍රේනයට සහ ගාසා තීරයට සාමය උදාවනු දැකීම සිය අරමුණ බව ද, ශුද්ධෝත්තම හිමිපාණන් සිය පාස්කු පණිවුඩයෙන් අවධාරණය කළේ ය.

ශ්වසන ආබාධයක් හේතුවෙන් පසුගිය පෙබරවාරී මස 14 වැනිදා ශුද්ධෝත්තම හිමිපාණන් රෝහල්ගත කෙරිණි.

ශුද්ධෝත්තම හිමිපාණන්, යළි වතිකානයට පැමිණියේ, දින 38 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි.

ශුද්ධෝත්තම පදවියට පත් පළමු ලතින් අමෙරිකානු ආගමික නායකයා ලෙස ශුද්ධෝත්තම හිමිපාණන් වාර්තා අතරට එක් විය.

ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේදී ඊයේ අවසන් දේව මෙහෙයට එක්වූ ශුද්ධෝත්තම හිමිපාණන්, ස්වර්ගස්ථ වීමේ පුවත සැළවීමත් සමග ලෝකවාසීන් මහත් සංවේගයට පත්ව සිටී.

What's your reaction?

Related Posts

1 of 694

Leave A Reply

Your email address will not be published. Required fields are marked *