සංක්‍රමණකයින් 30,000ක් රැඳවීමට කියුබාවේ රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්නැයි අමෙරිකානු ජනපතිගෙන් නියෝග…

අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණකයින් 30,000ක් රඳවා තබා ගත හැකි වන පරිදි රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන්නැයි ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම මධ්‍යස්ථානය කියුබාවේ ග්වාන්තනාමෝ බොක්ක ආශ්‍රිව ඇති අමෙරිකානු නාවික හමුදා කඳවුර තුළ ස්ථාපිත කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දී ඇති බවයි.

අමෙරිකානු ජනතාවට තර්ජනය කරන දරුණුතම සාපරාධී නීතිවිරෝධී සංක්‍රමණිකයින් නැවත පැමිණීම  අවශ්‍ය නොවන බවත්  ඔවුන් රඳවා තැබීම සිදුකරන බවත් ජනපති ට්‍රම්ප් විධායක නියෝගයට අත්සත් කරමින් පවසා තිබේ.

කෙසේ නමුත් කියුබානු ජනාධිපතිවරයා මෙය ම්ලේච්ඡ ක්‍රියාවක් බවට පවසා ඇතැයි BBC පුවත් සේවයට පවසා තිබේ.

What's your reaction?

Related Posts

1 of 578

Leave A Reply

Your email address will not be published. Required fields are marked *