සංක්‍රමණික යාත්‍රා දෙකක් ඉතාලි මුහුදේදී අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු දිග ඉතාලියේ ලැම්පෙඩූසා දූපත ආසන්නයේ දී යාත්‍රා දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලිබියාවේ හා තුර්කියේ සිට පිටත්ව ගිය සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා දෙකක්.

ඉන් එක් නෞකාවක සිටි 51 දෙනෙකු බේරාගැනීමට හැකි වී තිබූ අතර, පහළ කොටසේ තිබී සිරුරු 10ක් සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

අනෙක් යාත්‍රාවේ සිටි 60කට වැඩි පිරිසක් තවමත් අතුරුදන් වී ඇති බව සඳහන්.

සිරියාව, ඊජිප්තුව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශ ජාතිකයන් පිරිසක් මෙම යාත්‍රාවල සිට ඇති අතර, අතුරුදන්ව සිටින පිරිසෙන් 26 දෙනෙකුම කුඩා දරුවන් වීම විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඉතාලිය ආශ්‍රිතව මෙවැනි නෞකා අනතුරු බහුලව වාර්තා වන අතර, බොහෝ පිරිසක් අනවසර සංක්‍රමණිකයින් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *