ඉන්දියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලිය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් අද ආරම්භ වනවා.
මාර්තු මස 16 වනදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුම්බායිහිදී තරග වැදීමට නියමිතයි.
රාත්‍රි 07.00ට ආරම්භ වන මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරන අතර, සචින් ටෙන්ඩුල්කාර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති.