සංචාරකයින්ට හෙට (15) සිට මෙරටට ඒමට අනිවාර්යයෙන්ම ETA අවශ්‍යයි!

​ශ්‍රී ලංකාවේ සංචාරක හෝ ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණෙන සියලුම විදේශීය ජාතිකයින් හෙට දින (ඔක්තෝබර් 15) සිට මෙරටට පැමිණීමට පෙර ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අනිවාර්ය බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය.​මෙම ETA අවසර පත්‍රය eta.gov.lk වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.​කෙසේ වෙතත්, සීෂෙල්ස්, මාලදිවයින, සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ජපානය යන රටවල විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා මෙම ගාස්තුව අදාළ නොවන නමුත්, ඔවුන්ටද ETA සඳහා අයදුම් කිරීම අනිවාර්ය වේ.​අනෙකුත් සියලුම රටවල විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා නියමිත ගාස්තුව අදාළ වන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 789

Leave A Reply

Your email address will not be published. Required fields are marked *