පානම කලාපීය වනජීවී නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (16) රාදැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, සංචාරක හෝටලයක් තුළ කූඩු කර සිටි බකමූණෙකු, මුව අං තට්ටු 10ක් සහ ඇත් දළ 10ක් ළඟ තබාගෙන සිටි එම හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙයට අමතරව, අදාළ හෝටල් පරිශ්‍රයේ රඳවා සිටින බවට සැක කෙරෙන රාජාලීන් දෙදෙනෙකු සහ කොළ දිවි පැටවෙකු සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ අද (17) පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ මෙලෙස ආරක්ෂිත වන සතුන් ළඟ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් වේ. වන සතුන්ට ඔවුන්ගේ ස්වභාවික පරිසරය තුළ නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා වනජීවී නිලධාරීන් මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේය.


























