සංවිධානාත්මක අපරාධකරු දිනේෂ් වසන්තගේ කල්ලියේ තුනක් කොටුවෙයි

විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂ් වසන්තගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වයස අවුරුදු 17ක සහ අවුරුදු 26 ක තරුණියන් දෙදෙනෙකු සමග තවත් පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් ගම්පහ බටපොත ප්‍රදේශයේදී වැටලීම සිදු කළා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග පරිදි සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධනගේ අධීක්ෂණයෙන් හා විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරීක්ෂක පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුම සිදුකළා.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කදමුල්ල ආරචිචිගේ දිනේෂ් වසන්ත සමග සම්බන්ධතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50, මිලි ග්‍රෑම් 300 ක්, විද්‍යුත් තාරාදියක් හා යතුරු පැදියක් සමග මාදෙල්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

බටපොත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් වන තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 560 ක් සමග හා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 26 කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03, මිලි ග්‍රෑම් 270 ක්, සහ රුපියල් 5,200 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *