සක්‍රීය සේවයේ නොසිට යළි සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කිරීමට අදාළ පරීක්ෂණයට පෙනී සිටිය යුතුයි – වැඩබලන පොලිස්පති

වැඩ තහනමට ලක්ව, සේවය අතහැර ගොස් සිටින හෝ වෙනත් හේතුන් මත සක්‍රීය සේවයේ නොසිට යළි සක්‍රිය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන්, මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කර ගැනීමට අදාළ පරීක්ෂණයට පෙනී සිටිය යුතු බව වැඩබලන පොලිස්පතිවරයා පවසයි.

ලිපියක් යොමුකරමින් සියලු නිලධාරීන්ට වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ, එම නිලධාරීන් නැවත සේවයට එක්කිරීමට පෙර පොලිස් රෝහලේදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමේ පරික්ෂණයට අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු බවයි.

අදාළ පරීක්ෂණය සඳහා වන පිරිවැය අදාළ නිලධාරියා දැරිය යුතු වේ.

කිසියම් නිලධාරියෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අදාළ පරීක්ෂණයෙන් අනාවරණය වන්නේ නම් ඔවුන් නැවත සේවයට පිහිටුවීම හෝ නැවත සක්‍රිය සේවයට බැඳීමට අවස්ථාව ලබානොදිය යුතු වේ.

විනය බලධාරීන් විසින් අදාළ උපදෙස් පිළිපැදිය යුතු බව ද වැඩබලන පොලිස්පතිවරයා යොමුකර ඇති අදාළ ලිපියේ සඳහන් විය

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *