කොළඹ මහනගර සභාවේ සමගි ජන බලවේගයේ පුරපති අපේක්ෂකයා ලෙස නම් කිහිපයක් යෝජනා වී ඇති බව වාර්තා පළ වේ.
එම නම් අතර කොළඹ මහනගර සභාවේ හිටපු පුරපති ඔමාර් කාමිල් මහතාගේ නම ද ඇතුළත් ය.
ඒ හැරුණු කොට, හිටපු අමාත්‍ය එම්. එච්. මොහොමඩ් මහතාගේ මුණුපුරෙකු වන වෛද්‍ය හනීෆාගේ නම ද මෙම තනතුර සඳහා යෝජනා වී ඇති බව සඳහන් වේ.
මීට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණි.
නමුත් ඉරාන් වික්‍රමරත්න මහතා ඒ සඳහා කැමැත්තක් පළ කර නැති බව තවදුරටත් වාර්තා විය.