සජබෙ හැරගියා කියලා තැන තැන කිව්වට කවුරුත් සජබෙවත් සජිත් ප්‍රේමදාස මහතාවත් හැරගියේ නැහැ – කඩුවෙල මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක මෙන්ම කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග සහය සංවිධායක ප්‍රේම රංජිත් පෙරේරා මහතා

ලංකාවේ ප්‍රබලම විපක්ෂය වන සමගි ජන වේගයත් ලංකාවේ පැරණිම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයත් මේ අවස්ථාවේ එකට එකතු විය යුතු බවත් එය රටේ සියලුම පාක්ෂිකයන්ගේ අවශ්‍යතාව බවත් පසුගිය කාලයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් සහ පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැත්තට ගියා කියා විවිධ පාර්ශ්ව විවිධ කතා කිව්වත් කිසිවෙක් සමගි ජන බලවේගයවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාවත් හැරගියේ නැති බවත් මේ කඩුවෙල මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක මෙන්ම කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග සහය සංවිධායක ප්‍රේම රංජිත් පෙරේරා මහතා පැවසීය.

එසේම සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් මේ අවස්ථාවේ එකට එකතු වී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් එළැඹෙන පළාත් පාලන මැතිවරණයට මුහුණ දිය යුතු බවත් ඒ තුළින් අගාධයකට යන, නිසි පරිපාලනයක් නැති අපේ මාතෘභූමිය ගොඩගත හැකි බවත් කඩුවෙල මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක මෙන්ම කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග සහය සංවිධායක ප්‍රේම රංජිත් පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ පක්ෂ දෙකම එකට එකතු වී රට නිවැරදි දිශාවට මෙහෙයවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් පක්ෂ දෙකම අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා මෙහි දී පැවසීය.

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *