පෝය දෙකෙන් අපරාධ නැති කරනවා කිව්වා නමුත් අද ඉතිහාසයේ කවදාවත් සිදු නොවිච්ච ඝාතන සිදු වෙනවා.
මහේස්ත්‍රාත් වරියකට ආසනයේ ඉන්න බැරි තත්වයට අධිකරණය තුල ඝාතන කරනවා තවම සෙව්වන්දි සොයා ගන්න බෑ.සෙව්වන්දි ඉන්දියාවට පැනලා.
බන්ධනාගරා හිටපු නිලධාරියෙක් ඝාතනය කලා.ආණ්ඩුව නිහඩයි.අනුරාධපුරයේ වෛද්‍යවරිය දුෂණය කලා.මේක ආණ්ඩුවේ බැරිකම.අද වෘත්තීය සමිති අනාරක්ෂිත වෙලා.
ඉන්ධන ගැටලු කතා කරපු ආණ්ඩුවක් මේක.ඉන්ධන පෝලිම් ගැන කිව්වා කියලා මාවත් අරන් ගියා.ඉන්ධන මිල අඩු කරනවා කිව්වා.රාජ්‍ය මරමස්ථාන විකුනන්නේ නෑ කියපු ආණ්ඩුව අද උතුර දකුණ මාරු වෙලා.
අද මේ ආණ්ඩුව රනිල්ටත් එහා ගිහින්.
එලියේ ඉදලා බොරු කියලයි මේ ආණ්ඩුව බලය ගත්තේ.
අදටත් තෙල් සංස්ථාවේ නොවිය යුතු දේවල් රැසක් වෙනවා,ඩොලර් බිලියන 8.7 ක් විදේශීය සමාගම් වලින් අය කරගත යුතුව තිබෙනවා.නමුත් කරන්නෙ නෑ.
අද සියලු පිරවුම් හල් විකුණෙමින් තිබෙනවා.සියලු පිරවුම් හල් ටික විවිධ සමාගම් වලට ලබාදෙමින් සිටිනවා.
මේ ආණ්ඩුව හොරු හොයන්නේ දේශපාලන දඩයමට පමණයි.
අද තෙල් සංස්ථාවෙත් ගජ මිතුරන් පත් කර තිබෙනවා.
මේ වගේ තග දාන දේශපාලනයක් මීට පෙර තිබුනේ නෑ.
බටලන්ද කොමසම ගෙනත් ආණ්ඩුවේ වැරදි වහගන්න බෑ.
විප්ලවීය නායකයන් ඝාතනය කරපු බටලන්ද වාර්ථා ගෙනත් ඒ අයට දඩුවම් දෙන්න මීට පෙර ජවිපෙට අවශ්‍ය උනේ නෑ.2005 මහින්ද බලයට ගෙනාපු වෙලාවේ මේ අයට මේක කරගන්න ඔන උනේ නෑ.
වජිර අබේවර්ධන කිව්වා සජබයට කල් දෙනවා කියලා.නමුත් සමගි ජනබලවේගය තීරණය කලා සියලු පලාත් පාලන ආයතන වලට අපි දුරකථනය ලකුණින් සමගි ජන බලවේගය යටතේ තරග කරනවා.
මැතිවරණයෙන් පසුව එක්ව පලාත් පාලන ආයතන පිහිටුවන්න සූදානම්.
බටලන්ද නෙවෙයි කොතනක හෝ ඝාතන සිදුවෙලා තිබෙනවා නම් අපි ඒක අනුමත කරන්නේ නෑ.
ඔව් මගේ ගමත් කැලණිය. මට මතක බෙල්ල කපලා ඔලු ලී කෝටු වල ගහලා තිබුනු ඒවා තමයි.
02 වෛද්‍ය චමල් සංජීව
රත්මලාන සංවිධායක
බටලන්ද කොමිෂන් සභා වාර්ථාව සභාගත කර තිබෙනවා.ඒ වගේම මහ බැංකු වංචාව ගැනත් අපි ජනතාව පැත්තේ සිට කතා කලා.නමුත් බොහෝ නඩු අධිකරණයට ගේන්න නීතිපති දෙපාර්තමේන්තුව අසමත් වෙලා තිබෙනවා.ඒ අතර කෙහෙලියගේ බාල ඖෂධ නඩුව තිබෙනවා.අදාල නඩුව තවම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගොනු කර නැහැ.
මේ ආණ්ඩුව බලයට ආවේ යුක්තිය ක්‍රියාත්මක කරන්න සහ ආර්ථිකය ගොඩගන්නයි.නමුත් අද වෙනකොට වෛද්‍යවරියකට වැඩ කරන්න බැරි තත්වයක් නිර්මාණය වෙලා.
තවම ඖෂධ හිගයක් තිබෙනවා.කෝප් කෛටුවේදී ඒක වාර්ථා වෙලා තිබෙනවා.තවම සෞඛ්‍ය පද්ධතියේ වැරදි අවම වෙලා නෑ.
අය වැය තුන්වන වර කියවන්න නියමිතයි.වෘත්තීය වේදීන් බලාපොරොත්තු උනා දීමනා කප්පාදුව ඉවත් කරගන්න.ඒ නිසා එය සිදු කරන ලෙස ඉල්ලා සිටිනවා.