සමාජ මාධ්‍ය සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 27ක් ඇප මත මුදා හැරේ

ජාතික ජන බලවේගයේ මහනුවර නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර මහතාගේ 26 හැවිරිදි දියණිය ඇතුළු, සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ සංවිධානය කර තිබූ සාදයක් වැටලීමෙන් පසු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන් විසි හත් දෙනෙකු ඇප මත මුදා හැර ඇත. පොලීසිය පැවසුවේ, සාදය පැවැත්වූ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් වැටලීම සෙනසුරාදා (13) අලුයම සිදු කළ බවයි. මෙහිදී ක්‍රිස්ටල් මෙත් (අයිස්) මිලිග්‍රෑම් 4,134ක්, හැෂීෂ් මිලිග්‍රෑම් 1,875ක්, කුෂ් මිලිග්‍රෑම් 2,769ක්, කොකේන් මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම්ස් මිලිග්‍රෑම් 804ක්, මත් පෙති 13ක් සහ නීති විරෝධී සිගරට් 12ක් පොලිස් භාරයට ගෙන ඇත. මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිලගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රිකුණාමලය සහ ජා-ඇල යන ප්‍රදේශවල පදිංචි 18 ත් 31 ත් අතර වයසේ පසුවන පිරිමි සැකකරුවන් 24 දෙනෙකු සහ නියෝජ්‍ය නගරාධිපතිගේ දියණිය ඇතුළු මහනුවර, මීගමුව සහ පුණ්ඩලුඔය පදිංචි 21 ත් 26 ත් අතර වයසේ පසුවන කාන්තා සැකකාරියන් සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි. සියලුම සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත. දෙසැම්බර් 17 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියෝග කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *