සමාව නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම ගැන ජනපති කාර්යාලයෙන් CIDයට පැමිණිල්ලක්…

ජනාධිපති සමාව නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි, ජනාධිපති කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර වගකිව යුත්තන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට  ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියෙකු නිදහස් කර ඇති බවටත් එම සිදුවීම පිටුපස බරපතල අක්‍රමිකතාවක් සිදුව ඇති බවටත්  පළවෙමින් ඇති පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ විශේෂ අවධානය යොමු වී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආණ්ඩ්‍රකම ව්‍යවස්ථාවේ 34 /1 වගන්තියට අනුව  සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමි බවයි.

ඒ අනුව බන්ධනාගාර අධිකාරීවරුන් විසින් තෝරාගන්නා නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කෙරේ.

එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය විසින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කෙරෙන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත සිරකරුවන්ට පොදු සමාව ලබාදීම ක්‍රියාපටිපාටිය බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

අදාළ සිදුවීමට  පාදක වූ  පසුගිය මස 06 වැනිදා ජනාධිපතිවරයා වෙත යොමු කළ පොදු සමාව ලබා දිය යුතු සිරකරුවන්ගේ ලේඛනයට 388 කුගේ නම් ඇතුළත්.

එහි ලේඛනයේ අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට සිරගත කර සිටි අදාළ පුද්ලගයාගේ නම ඇතුළත් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එනම් ඔවුන් අවධාරණය කරන්නේ සමාව දීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබූ නම් 388 ට එම පුද්ගගලයාගේ නම කිසිසේත් ඇතුළත්ව නොමැති බවයි.

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *