සමෝධානිත සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට ADB යෙන් ඇමරිකානු ඩොලර් මිලියන 106.9 ක ආධාර

​ශ්‍රී ලංකා රජය, සමෝධානිත සෞඛ්‍ය සේවා සහ විශ්ව සෞඛ්‍ය ආවරණය සඳහා පාලනය ශක්තිමත් කිරීමේ වැඩසටහනට සහය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) මූල්‍ය සහාය ලබාගෙන ඇත.​මෙම ගිවිසුමට, ADB හි නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණයක් සහ වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ භාර අරමුදලින් (Pandemic Fund) ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක බාහිරින් මුදල් සපයන ලද ප්‍රදානයක් ඇතුළත් වේ. මෙම අරමුදල් ප්‍රතිඵල මත පදනම් වූ ණය ලබා දීමේ ක්‍රමවේදය යටතේ සැපයීමට නියමිතය.​මෙම වැඩසටහන මගින්, විශ්ව සෞඛ්‍ය ආවරණය කරා ප්‍රගතිය තහවුරු කරමින්, පළමු යොමු කිරීමේ සත්කාරය ලෙස ද්විතියික සෞඛ්‍ය සේවා වල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික රාමුවට සහාය වීම අරමුණු කරයි. එය ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් කෙරෙහි අවධානය යොමු කරයි: එනම්, පළමු යොමු කිරීමේ සත්කාර සේවා වැඩිදියුණු කිරීම, වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කිරීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික ධාරිතාව වැඩි දියුණු කිරීම සහ ඖෂධ සැපයුම් දාමය කළමනාකරණය කිරීම ය.​සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙහි විධායක සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස කටයුතු කරනු ඇති අතර, පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු නවයම ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතන ලෙස කටයුතු කරනු ඇත.​මෙම ණය සහ ප්‍රදාන ගිවිසුම් සඳහා අද (ඔක්තෝබර් 17) දින කොළඹ භාණ්ඩාගාරයේදී, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් ද, ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් ADB ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ රට අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ (Takafumi Kadono) මහතා විසින් ද අත්සන් තබන ලදී.

What's your reaction?

Related Posts

1 of 796

Leave A Reply

Your email address will not be published. Required fields are marked *