සයිනොපෙක් සුපර් ඩීසල් මිල ඉහළට

මෙරට ඉන්ධන වෙළෙඳපොළේ ක්‍රියාත්මක සයිනොපෙක් (Sinopec) සමාගම සිය සුපර් ඩීසල් මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 28කින් ඉහළ දමා ඇති බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කරයි. මෙම මිල ඉහළ දැමීමත් සමඟ මෙතෙක් රුපියල් 572ක්ව පැවති සයිනොපෙක් සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 600ක් දක්වා ඉහළ යනු ඇත.​කෙසේ වෙතත්, සුපර් ඩීසල් මිල ඉහළ ගියද අනෙකුත් ඉන්ධන වර්ග භාවිතා කරන පාරිභෝගිකයන්ට එම මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව සමාගම අවධාරණය කරයි. ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් මෙන්ම සාමාන්‍ය ඔටෝ ඩීසල් ලීටරයක මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන අතර ඒවා පැරණි මිල ගණන් යටතේම අලෙවි කෙරේ. මෙම හදිසි මිල සංශෝධනය පිළිබඳව සියලුම පාරිභෝගිකයන් දැනුවත් කරන ලෙස සයිනොපෙක් සමාගම වැඩිදුරටත් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,084

Leave A Reply

Your email address will not be published. Required fields are marked *