මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ කඩේවත්ත හන්දිය ආසන්නයේදී යතුරුපැදිකරුවෙකුට සහ ඔහුගේ දරු දෙදෙනාට මරු කැඳවමින් 2025.02.18 වන දින රාත්‍රියේ සිදුකෙරූ වෙඩි තැබීමට ආධාර අනුබල දී ඇති තවත් සැකකරුවෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කාර්යංශය 2025.02.18 වන ඊයේ දින වීරකැටිය වකමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
එම අපරාධය සම්බන්ධව සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර වයස අවුරුදු 37 ක් වන හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සය වන සැකකරුය.
මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක් අපරාධකරුවෙකු විසින් මෙහෙයවන ලද්දක් බවට දැනට සිදු කරන ලද විමර්ශන මගින් අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුධ හමුදා සේවය අතහැර ගිය පුද්ගලයෙකු හා පොලිස් සේවයේ නිරතව සිටි නිලධාරියෙක්ද සිටියි.
මිද්දෙණිය පොලිස් වසමේ වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔහුට ජීවිත තර්ජන තිබූ බවට සඳහන් කරන ලද වීඩියෝපටයක් සංසරණය වුවද කිසිඳු අවස්ථාවක ඔහු විසින් තමන්ට ජීවිත තර්ජන තිබූ බවට පොලිස් ස්ථානයන් වෙත පැමිණිලි කිරීමක් වාර්තා වී නොමැත.