සරම්ප රෝගය වැලඳුණු එළදෙනුන් මසට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවීන් විසින් ඇතිකරනු ලබන එළදෙනුන් අතර ශීඝ්‍රයෙන් සරම්ප රෝගය පැතිර යාම හේතුවෙන් සතුන් කිහිපදෙනකු මේ වන විට මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල ප්‍රදේශය භාර රජයේ පශු වෛද්‍ය නිලධාරි සුරේෂ් කුමාර් පවසනවා.

දේශීය කිරි කර්මාන්තයට මධ්‍යම පළාතින් 33%ක පමණ දියර කිරි නිෂ්පාදන දායකත්වයක් ලබාදෙන බවත්, ඉන් 12%ක් පමණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලබාදෙන බවත්, පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් සතුන් මියයාම නිසා සරම්ප රෝගය වැලඳුණු එළදෙනුන් ගොවීන් විසින් ගවමස් අලෙවිසල්වලට අලෙවි කරන බවත්, එම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දෛනික කිරි නිෂ්පාදනය පහළ බැස ඇති බවත් පශු වෛද්‍යවරයා කියා සිටියේය.

තවද එළදෙනුන් අතර පැතිර යන සරම්ප රෝගය පාලනය කිරීම සඳහා එන්නතක් ලබා දිය යුතුව ඇතත් එම එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශ සංචිතය තුළ නොමැති නිසා පැතිර යන රෝගය පාලනය කිරීමට නොහැකි වී ඇති බවත් පශු වෛද්‍ය සුරේෂ් කුමාර් පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ප්‍රිෂියන්, ජර්සි, ප්‍රිෂියන් ජර්සි දෙමුහුම් එළදෙනුන් ගොවීන් බහුල වශයෙන් ඇති කරනු ලබයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *