සරසවි තුලට බුද්ධි අංශය…

පසුගිය දිනවල දිගින් දිගටම සරසවිවල නවක වාදය සහ සියදිවි නසා ගැනීම් සම්බන්ධයෙන් වාර්තා වූ අතර ඊට විසඳුම් සම්බන්ධයෙන් මේවන විට අවදානය යොමුව තිබෙනවා.

ඒ අනුව විවිධ යෝජනා මේවන විට පාර්ශව රැසකින් යෝජනා වෙමින් ඇති අතර විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් විසින් නව ජෝයනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

නවකවදය ඇතුළු කටයුතු පාලනය සඳහා විශ්ව විද්‍යාල තුළට බුද්ධි අංශ යොදන ලෙස රජයට අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.

විශ්ව විද්‍යාලවල උපකුලපතින් මෙම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇත්තේ මෑතකදී සබරගමු සරසවි සිසුවෙන් සිය දිවි නසා ගැනීමෙන් පසු පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

සිසු නේවාසිකාගාරවල පැතිරී පවතින මත්ද්‍රව්‍යද මේ හරහා පාලනය කර හැකි බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

දැනට බුද්ධි අංශ විසින් සිදු කරන්නේ සිසුන්ගේ විරෝධතා හා එය මෙහෙයවන ප්‍රධානීන් සම්බන්ධයෙන් සොයා බලා රජයට වාර්තා කිරීම පමණක් බවත් එය වෙනස් කළ යුතු කාලය පැමිණ ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 745

Leave A Reply

Your email address will not be published. Required fields are marked *