සහල් ආනයනය සඳහා රජය විසින් අවසර දී තිබූ කාලය ඊයේ(20) රාත්‍රී12 ට අවසන් වුනා.
කෙසේවෙතත් වෙළඳ අමාත්‍යංශය නිවේදනය කළේ එම කාලය ලබන වසරේ ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කරන බවයි.
ඒ අනුව 20දිනට පසුව ලැබෙන සහල් රට තුලට නිශ්කාශනය කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ කාලය දීර්ඝ කළ බවට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන තෙක් සහල් ආනයනය සඳහා අවසර දීමට නොහැකි බවයි.
අදාල කාලය තුල ආනයනය කල මුළු සහල් තොගය මෙට්‍රික් ටොන් 67000 ක් වනවා. මෙයින් 28500ක් කැකූලු සහල් වන අතර 38500ක් නාඩු සහල් වනවා.
මේ සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් ආනයන බදු ලෙස අයකර ගෙන තිබෙනවා. ඒ කිලෝග්‍රෑම් එකකට රුපියල් 65/- බැගින්.