පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් සහල් සදහා නිකුත් කර ඇති මිල ගනන් වෙනස්කර ඇති බවට සිල්ලර වෙළදුන්ට ප්‍රකාශකරමින් සහල් වැඩි මිලට අලෙවිකිරීම සදහා සමහර වී මෝල් හිමියන් සහ තොග වෙළදුන් කටයුතු කරන බවට තොරතුරු ලැබෙමින් පවතී. ඒ අනුව සහල් පාලන මිල ඉවත්කර තිබේද යන්න සම්බන්ධව සිල්ලර වෙළදුන් විසින් අවස්ථා ගණනාවකදීම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් විමසීම් සිදු කර ඇත.
අධිකාරිය මගින් සහල් සදහා ගැසට් මගින් පනවා ඇති තොග මිල , උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බවත් දන්වා සිටින අතර , ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220.00 ක් , නාඩු සහල් උපරිම සිල්ලර මිල රුපියල් 230.00 ක් , සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 240.00 ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260.00 ක් විය යුතුය. එම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩවම වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබේ.
ඒ අනුව මෙම වසරේ මාර්තු 12 වන දින දක්වා වෙළදසැල් 5500 කට වැඩි ප්‍රමාණයක විමර්ශන සිදුකර ඇති අතර එහිදී වැරදි කරන ලද වෙළදුන් 4070 ක් සදහා නීතිමය පියවර ගෙන ඇත .එමෙන්ම එම වැරදි කරන ලද වෙළදුන් අතරින් සහල් සම්බන්ධව වෙළදුන් 1555 කට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.
සහල් වැඩි මිලට අලෙවිකළ වෙළදුන් 462 ක් , මිල ප්‍රදර්ශනය නොකළ වෙළදුන් 1004 ක් මෙන්ම සහල් සගවාතබන ලද සහ විකිණීම ප්‍රතික්ෂේප කරන ලද වෙළදුන් 89 ක් ද ඒ අතර වේ. මෙම වසරේ මාර්තු 12 දින දක්වා වෙලදුන් 4122 ක් සදහා නඩු පැවරීම් සිදුකර ඇති අතර ඒ සදහා අධිකරණ මගින් නියමකර ඇති දඩ මුදල රුපියල් මිලියන 61 කි .
ඊයේ දිනයේදීද දිවයින පුරා වෙළදසැල් 139 ක සිදුකරන ලද විමර්ශනවලදී සහල් වැඩි මිලට අලෙවිකළ වත්තල , මතුගම, පාදුක්ක , පිටකොටුව සහ මාවනැල්ල ප්‍රදේශවල වෙළදුන් 10 ක් , මිල ප්‍රදර්ශනය නොකළ වෙළදුන් 24 ක් , සහල් සගවා තබන ලද වෙළදුන් ඇතුළු ව්‍යාපාරිකයන් 101 කට පමණ නීතිමය පියවර ගෙන ඇත .
කිරි සමිබා සහ සමිබා සහල් සමිබන්ධව වැඩි අවධානයක් යොමුකරමින් මෙම වැටලීම් තවදුරටත් දිවයින පුරා අඛණ්ඩවම ක්‍රියාත්මක වේ.
සභාපති
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය