පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරීන් විසින් වැඩිමිලට සහල් අලෙවි කරන වෙලදුන් සොයා සිදු කරනු ලබන වැටලීම් වැඩසටහන යටතේ පසුගිය 18 දින කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ සිදු කරනු ලැබූ වැටලීමකදී වෙළඳසැලේ සහල් විකිනිමට තිබියදී සහල් නොමැති බව ප්‍රකාශ කළ ව්‍යාපාරිකයකුට එරෙහිව නීතිමය පියවර ගනු ලැබුවා.
ඒ අනුව අද ( 21 ) දින අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබූ අතර එහිදී අදාළ ව්‍යාපාරිකයා වරද පිළිගැනීමෙන් පසුව
රුපියල් ලක්ෂ තුනකට වැඩි වෙළඳපළ වටිනාකමකින් යුත් කිරී සම්බා සහල් සහිත 5Kg අසුරන 237 ක ප්‍රමාණය රාජසන්තකිරීමටත් අදාල ව්‍යාපාරිකයාට රුපියල් දස දහසක දඩ මුදලක් නියම කිරීමටත් ගරු අධිකරණය කටයුතු කරනු ලැබුවා.