සහල් වැටලීම්වලින් වෙළෙඳුන් 39කට නඩු…

වැඩි මිලට සහල් අලෙවි කළ සහ තොග සඟවාගෙන සිටි වෙළෙඳුන් 39 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (22) කළ වැටලීම්වලදී යි.

කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් වැටලීම් ක්‍රියාත්මක විය.

ඒ අතරට වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 16 ක්, තොග සඟවා සිටි වෙළෙඳුන් 10 ක් සහ මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 10 ක් ඇතුළත්.

කීරි සම්බා සහල් කිලෝග්රෑමයක් රුපියල් 270 ත් 310 ත් අතර මිලකට අලෙවි කළ වෙළෙඳුන් එහිදී හඳුනාගත් බව ද, පාරිභෝගික කටයුතු අධිකාරි සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *