සහල් සඟවා පාරිභෝගිකයාට නොදුන් වෙළඳුන් කොටු වෙයි!

උත්සව සමය ඉලක්ක කර ගනිමින් සහල් සඟවා තබාගෙන සිල්ලර මිලට අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළ කිරුළපන ප්‍රදේශයේ වෙළඳුන් පිරිසක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (29) කටයුතු කළේය. පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ වැටලීම් අංශයට ලැබුණු තොරතුරකට අනුව කිරුළපන පොදු වෙළෙඳ සංකීර්ණයේ සිදුකළ මෙම මෙහෙයුමේදී, සිල්ලර බලපත්‍ර සහිත වෙළඳුන් සහල් තොග සඟවාගෙන ඒවා හෝටල් වෙත පමණක් රහසිගතව අලෙවි කරන බව අනාවරණය විය.​මෙම වැටලීම සිදුවන අවස්ථාවේදී අදාළ වෙළඳසැල් හිමියන් සහ නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වූ අතර, පාලන මිල ඉක්මවා භාණ්ඩ විකිණීම සහ පාරිභෝගිකයාට සහල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම යන චෝදනා යටතේ මොවුන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත. නිලධාරීන් පෙන්වා දෙන්නේ උත්සව කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඟවන වෙළඳුන් සොයා ප්‍රාදේශීය මට්ටමින් මෙවැනි පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.​අත්‍යවශ්‍ය භාණ්ඩ සන්තකයේ තබා ගනිමින් කෘතිම හිඟයක් මවාපෑමෙන් හෝ නියමිත මිලට වඩා වැඩි මිලට විකිණීමෙන් වළකින ලෙස පාරිභෝගික අධිකාරිය සියලුම වෙළඳුන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. නීතිය උල්ලංඝනය කරන වෙළඳුන්ට එරෙහිව කිසිදු තරාතිරමක් නොබලා නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,071

Leave A Reply

Your email address will not be published. Required fields are marked *