ඉන්දීය නාවික හමුදාවට අයත් සුකන්‍යා පන්තියේ මුර යාත්‍රාවල ප්‍රමුඛ නෞකාව වන INS සුකන්‍යා, අවශ්‍ය සහන ද්‍රව්‍ය රැගෙන ශ්‍රී ලංකා මුදූ සීමාවට ඇතුළු වී ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ‘X’ ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ, සහන ද්‍රව්‍ය සමඟ INS සුකන්‍යා නෞකාව ත්‍රිකුණාමලයට ඇතුළු වී ඇති බවයි. මෙම සහන ද්‍රව්‍ය ‘දිට්වා සුළි කුණාටුවෙන්’ පසුව ශ්‍රී ලංකාවේ සහන කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව විසින් දියත් කරන ලද ‘ඔපරේෂන් සාගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුමේ කොටසකි. අමාත්‍ය ජයශංකර්ට අනුව, මෙට්‍රික් ටොන් 27කට අධික සහන ද්‍රව්‍ය ගුවනින් සහ මුහුදින් කොළඹට ගෙනවිත් ඇත. ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරීන් 80 දෙනෙකුගෙන් යුත් නාගරික සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් දෙකක් ද ශ්‍රී ලංකාවට යවා ඇත.


























