සාන්ත අන්තෝනි විදුහල පරදා රාජකීයයන් අවසන් පූර්ව වටයට

2026 ඩයලොග් ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ තීරණාත්මක තරගයකින් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. කොළඹ CR & FC පිටියේදී පැවැති මෙම උණුසුම් ගැටුමේදී රාජකීය ක්‍රීඩකයින් ලකුණු 34-13ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කළේය. තරගයේ පළමු අර්ධය නිමාවන විටත් ලකුණු 20-10ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීයයන් සමත් වූ අතර, මුළු තරගය පුරාම සිය ආධිපත්‍යය පැතිරවීමට ඔවුන්ට හැකි විය.​රාජකීය විද්‍යාලය ලබාගත් ලකුණු 34 සඳහා උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්තන 4ක් සහ දඬුවම් පහර 2ක් ඇතුළත් වූ අතර, සාන්ත අන්තෝනි විද්‍යාලයට ලබාගත හැකි වූයේ උත්සාහක දිනුමක්, ප්‍රවර්තනයක් සහ දඬුවම් පහර 2ක් පමණි. ප්‍රබල ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළ රාජකීය කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමඟ ශූරතාව කරා යන ගමනේ තවත් තීරණාත්මක පියවරක් ඉදිරියට තැබූ අතර, ඔවුන්ගේ මීළඟ අභියෝගය වන්නේ අවසන් පූර්ව වටයේ තරගයයි.

What's your reaction?

Related Posts

1 of 1,051

Leave A Reply

Your email address will not be published. Required fields are marked *