සාප්පු බෑගයට හෙට සිට මුදල්!

පාරිභෝගික කටයුතු අධිකාරිය (Consumer Affairs Authority – CAA) විසින්, භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිතා කරන සාප්පු බෑග් නොමිලයේ බෙදා හැරීම හෙට (නොවැම්බර් 1) සිට තහනම් කරන බව නිවේදනය කර ඇත.​පාරිභෝගික කටයුතු අධිකාරිය ඔක්තෝබර් 1 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්, වෙළඳුන් විසින් පාරිභෝගිකයින්ට නිකුත් කරන ලද බිල්පත්වල සාප්පු බෑග්වල මිල සඳහන් කිරීම අනිවාර්ය කර ඇත.​අඩු ඝනත්ව පොලිඑතිලීන් (Low-Density Polyethylene – LLDPE) සහ රේඛීය අඩු ඝනත්ව පොලිඑතිලීන් (Linear Low-Density Polyethylene – LDPE) වලින් සාදන ලද බහාලුම් බෑග් නොමිලේ ලබා නොදිය යුතු බව එම නිවේදනයේ විශේෂයෙන් සඳහන් වේ. ව්‍යාපාරික ස්ථානවල මෙම බෑග්වල මිල ප්‍රමුඛව ප්‍රදර්ශනය කිරීමද අනිවාර්ය වේ.

What's your reaction?

Related Posts

1 of 817

Leave A Reply

Your email address will not be published. Required fields are marked *