සාමාන්‍ය ජනතාව වෙනු‍වෙන් වැඩි මුදලක් ‍වෙන්කල අයවැයක් වශයෙන් මෙම අයවැය ඉතිහාසගත වෙනවා

සාමාන්‍ය ජනතාව වෙනු‍වෙන් වැඩි මුදලක් ‍වෙන්කල අයවැයක් වශයෙන්,  මෙම අයවැය ඉතිහාසගතවන බව  කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ග්‍රාමීය ජනතාව නගා සිටුවීම වෙනුවෙන් සහ අනෙකුත් සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම මෙම අයවැයෙන් අවධානය යොමු කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කීය.

මෙම අයවැයෙන් අස්වැසුම වැඩිකර තිබෙනවා. පාසල් දරුවන්ට පොත් පත් මිලදී ගැනීමට අධාරමුදල් වෙන්කර තිබෙනවා. මහපොල ශිෂ්‍යාධාර මුදල් වැඩිකර තිබෙනවා.රාජ්‍ය සහ පෞද්ගලික අංශයට ඉතිහාසයේ කවරදාවත් නොවූ ලෙස වැටුප් වැඩිකර තිබෙනවා.පෙර පාසල් පාලිකාවන් සහ ළමා නිවාසවල දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. වයස අවුරුදු 18 පසු වූ පසුත් ළමානිවාසවල සිටින එම දරුවන්ගේ අයිතීන් මෙම අයවැය ඇතුළේ තහවුරු කර තිබෙනවා.අබාධිතඅය වෙනුවෙන් විශේෂ ආධාර වැඩසටහන්, වැඩිසිටි සහ වකුගඩු ආධාර මෙවර අයවැයෙන් වැඩිකර තිබෙනවා. ගර්භනී මව්වරු වෙනුවෙන් ආධාර වැඩසටහන් වෙන්කර තිබෙනවා. ශිෂ්‍යත්වය සමත් වූ දරුවන්ගේ ආධාරමුදල් දෙගුණයකින් වැඩිකර තිබෙනවා. වැව්අමුණු ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි 7800ක් මෙම අයවැයෙන් වෙන්කර තිබෙනවා.  සාමාන්‍ය ජනතාවගේ ව්‍යවසාය කටයුතු සඳහා සංවර්ධන බැංකුවක් යෝජනා කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *