2025(2026) වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ කාලසීමාව අනිද්දා (08) දිනෙන් අවසන් වීමට නියමිතය. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පසුගිය දෙසැම්බර් 25 වනදා ආරම්භ වූ මෙම අයදුම්පත් භාරගැනීමේ ක්‍රියාවලිය එළඹෙන අටවනදා මධ්‍යම රාත්‍රියෙන් නිමාවට පත්වන බැවින්, සුදුසුකම් සහිත ගුරුවරුන් හා පරීක්ෂකවරුන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.අදාළ ඇගයීම් කටයුතු සඳහා දායක වීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් තවමත් සිය අයදුම්පත් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ඉදිරිපත් කළ හැකිය. නියමිත දිනට පසුව ලැබෙන කිසිදු අයදුම්පතක් සලකා නොබලන බැවින්, පමාවීමකින් තොරව ලියාපදිංචි වන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.


























