සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි.. විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, අද(17) ආරම්භ වෙයි.

ඒ, මධ්‍යස්ථාන 3663 කදී ය.

ඒ සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව, 478,182 කි.

ඉන්, 3 98,182 ක්, පාසල් අයැදුම්කරුවන් ය.

කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අපේක්ෂකයින්ට දැනුම් දෙයි.

විභාග කාලසීමාවේ ඇති විය හැකි ඕනෑම ආපදාවකට මුහුණදීමට සඳහා කටයුතු සැලසුම් කර ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද, ක්‍රියාත්මකයි.

ඒ සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව, 3400 කට අධිකයි.

විභාග මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට මෙන්ම ප්‍රශ්න පත්‍ර හා උත්තර පත්‍ර ප්‍රවාහනය වෙනුවෙන් එම නිලධාරීන් අනුයුක්ත කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 640

Leave A Reply

Your email address will not be published. Required fields are marked *