සැකකරුගේ වීඩියෝව ගැන පොලිස් නිලධාරීන්ට පරීක්ෂණ

වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ වෙඩි තැබීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ වීඩියෝවක් පටිගත කිරීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකයක් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය.​පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය මෙම සිද්ධියට යොමු වී ඇති බවත්, එය වින්දිතයාට හා අනාගත නීතිමය ක්‍රියාදාමයන්ට හානිකර බැවින් අනුමත කළ නොහැකි බවත් ඔහු මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.​මෙම වීඩියෝව තෙවන පාර්ශවයක් විසින් හෝ පොලිස් නිලධාරීන්ගේ අනුමැතිය සහිතව සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන මගින් සොයා බලන බව ද ඔහු පැවසීය.

What's your reaction?

Related Posts

1 of 850

Leave A Reply

Your email address will not be published. Required fields are marked *