සුප්‍රකට WWE wrestling ශූර John Cena ගේ අතිශය සාර්ථක මල්ලවපොර දිවියේ අවසාන සටන සනිටුහන් කරමින් දෙසැම්බර් 13 වන සෙනසුරාදා රාත්‍රියේ පැවති ප්‍රධාන තරඟයේදී Gunther ජයග්‍රහණය කළේය. හැරවුම් ලක්ෂ්‍ය ගණනාවක් තිබූ මෙම උද්වේගකර සටන අවසානයේදී ‘Sleeper Hold’ ග්‍රහණය තීරණාත්මක විය. තරඟයේ අවසාන භාගයේදී, දෙදෙනා නැගිටින විට සිදු වූ ප්‍රබල පහර හුවමාරුව Gunther විසින් ‘Powerbomb’ එකකින් බිඳ දැමීය. අනතුරුව ඔහු ‘Frog Splash’ එකක් එල්ල කළද Cena පරාජයෙන් ගැලවීමට සමත් විය. නමුත් Gunther නොනැවතී නැවතත් ‘Sleeper Hold’ එකක් යෙදූ අතර, Cena කිහිප වතාවක්ම ඉන් ගැලවීමට උත්සාහ කළද Gunther ඔහුව නැවතත් ග්‍රහණයට ගත්තේය. Cena ඉන් මිදුණු අවස්ථාවක ‘AA’ (Attitude Adjustment) ප්‍රහාරය එල්ල කළද පින් කිරීම සාර්ථක නොවූ අතර, වහාම Gunther විසින් තවත් ග්‍රහණයක් යොදන ලදී. Cena ක්‍රමයෙන් ක්ලාන්ත වන විට ප්‍රේක්ෂකයෝ “අතහරින්න එපා” යනුවෙන් හඬ නැගූහ. විනිසුරු විසින් Cenaගේ අත පරීක්ෂා කළද, ඔහු තුන් වරක් බිම ගැසීමට පෙර අත ඉහළට තබා ගැනීමට සමත් විය. එහෙත් Gunther ග්‍රහණය දිගටම පවත්වාගෙන ගිය අතර, අවසානයේ Cena යටත් වීම (tap out) නිසා Gunther ජයග්‍රහණය කරමින් ප්‍රේක්ෂකයන් මවිතයට පත් කළේය. මෙම ප්‍රතිඵලයත් සමඟම Cena ගේ wrestling දිවිය අවසන් විය. මැසචුසෙට්ස් හි උපන් ඔහු 2002 ජූනි මාසයේදී WWE සඳහා එක් වූ අතර වසර 23ක ඓතිහාසික ගමනක් සටහන් කළේය. ඔහු දශක දෙකකට ආසන්න කාලයක් wrestling ක්‍රීඩාවේ මුහුණුවර බවට පත් වූ අතර, කැපී පෙනෙන සටන් සහ ශූරතා රැසක් දිනා ගත්තේය. ‘Money in the Bank 2024’ තරඟාවලියේදී Cena නිවේදනය කළේ 2025 වසර ඔහුගේ අවසාන තරඟ වදින වසර වන බවයි. ලොව පුරා පැවැත්වුණු මෙම සමුගැනීමේ තරඟාවලිය අගනුවර පිහිටි කැපිටල් වන් පිටියේදී (Capital One Arena) අවසන් විය. Cenaගේ අවසන් ප්‍රතිවාදියා කවුරුන්ද යන්න තීරණය කිරීමට තරඟාවලියක් පැවැත්වුණු අතර, Gunther අවසන් තරඟයේදී LA Knight පරාජය කරමින් එම අයිතිය දිනා ගත්තේය. ඒ අනුව, අනාගත WWE Hall of Famer වන Cena ඔහුගේ අවසාන තරඟයෙන් පරාජය කිරීමේ ගෞරවය දැන් Gunther ට හිමි වේ. සිය wrestling දිවිය නිමා කරන Cena, සමාගම් ඉතිහාසයේ වැඩිම WWE ශූරතා සංඛ්‍යාව වන 17 වතාවක් WWE ශූරයා ලෙසත්, අන්තර් මහද්වීපික, එක්සත් ජනපද සහ ටැග් ටීම් ශූරතා හිමිකර ගත් ‘Grand Slam Champion’ කෙනෙකු ලෙසත් අවසන් වේ. ඔහු 2012 ‘Money in the Bank’ තරගය ජයග්‍රහණය කළ අතර 2008 සහ 2013 දී දෙවරක් ‘Royal Rumble’ ජයග්‍රාහකයා බවට පත් විය. Cena මල්ලවපොර ශූරයෙකු ලෙස WWE වෙත පැමිණි අවසන් අවස්ථාව මෙය වුවද, ඔහු නැවතත් WWE හි පෙනී සිටීමේ ඉඩකඩක් තිබේ.


























