2025-2026 සිරිපා වන්දනා සමය අද (දෙසැම්බර් 4) දිනෙන් ආරම්භ වන අතර, එය ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම කාලය තුළදී දේශීය හා විදේශීය බැතිමතුන්ට ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා අවස්ථාව හිමිවේ.මෙවර සිරිපා වන්දනා වාරයේ ආරම්භය සනිටුහන් කරමින්, ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහැර ඊයේ (දෙසැම්බර් 3) අලුයම පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරයේ සිට ශ්‍රී පාද මළුව දක්වා ගමන් කළේය.ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව මෙම පුණ්‍ය කටයුත්ත සිදුකෙරුණු අතර, මෙතැන් සිට මාස කිහිපයක් පුරා බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.


























