හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (පෙබරවාරි 3) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට පැමිණියාය. ඇය මෙලෙස කැඳවා ඇත්තේ ‘සිරිලිය’ පදනමට අයත් ගිණුම්වල සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවය. මීට පෙර 2026 ජනවාරි 27 වනදා ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇයට කැඳවීම් කර තිබුණද, එදින පැමිණීමට නොහැකි බව සිය නීතිඥවරයා මාර්ගයෙන් දන්වා සිටි ඇය ඒ සඳහා සති දෙකක සහනයක් ඉල්ලා සිටියාය. ඒ අනුව, අද දින විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට ඇයට දැනුම් දී තිබුණි.


























